✟✯✯ ශු. එවර්මෝඩ් මුනිතුමා ✯ ✯ ✟


එවර්මෝඩ් උපත ලැබුවේ බෙල්ජියමේ ය. ශාන්ත නෝබට්තුමා කැම්බ්‍රායි නගරයේ දේශනා කරන බව අසා ඔහු හා  එක්වීමට මෙතුමා තීරණය කළේය. පසුව ඔහු ශාන්ත නෝබට්තුමා සමඟ ඇන්ට්වර්ප් වෙත සහ පසුව, ක්‍රි ව. 1126 දී, අර්ධ මිථ්‍යාදෘෂ්ටික නගරයක් වන මැග්ඩෙබර්ග් වෙත ගියේය. 

සිය මරණ මංචකයේ සිටි බිෂොප්වරයා වෙත ගිය ශාන්ත නෝබට්තුමා, ආසන දෙව්මැදුරේ සාමාජිකයන්ගෙන් පිහිටුවා ගත් නෝබර්ටයින් ප්‍රියරි ඔෆ් අප ස්වාමිදූගේ දේවස්ථානයේ රදගුරුතුමාගේ  භූමදානය සිදු කළේය. පසුව ශාන්ත නෝබට්තුමා රදගුරුතුමා ලෙස නම් කරන ලදී.  ක්‍රි ව 1134 දී ඔහුගේ මරණයට මාස කිහිපයකට පෙර, ශාන්ත නෝබට්තුමා ප්‍රියරි ඔෆ් ගොටෙස්ග්නාඩන්හි එවර්මෝඩ් වැඩබලන නායකයා ලෙස එවර්මෝඩ්තුමාව පත් කළේය.

1138 දී එවර්මෝඩ් මැග්ඩෙබර්ග්හි ප්‍රියරි ඔෆ් අපර් ලේඩි හි නායකයා ලෙස තේරී පත් විය. මෙම තනතුරේදී, ඔහු හැවල්බර්ග්, ජෙරිචෝ, ක්වෙඩ්ලින්බර්ග් සහ පෝල්ඩ් හි නව ප්‍රෙමොන්ස්ට්‍රාටෙන්සියන් ප්‍රජාවන්ගේ පදනම් අධීක්‍ෂණය කළ අතර, 1154 දක්වා එම තනතුරේ සේවය කළේය. 

පසුව ඔහු රැට්ස්බර්ග් හි බිෂොප් ලෙස නම් කරන ලදී.  ඔහු රදගුරු පදවියේ අලුතින් නම් කරන ලද ආසන දෙව්මැදුර ප්‍රජාවක් බවට පත් කළේය. වෙන්ඩිෂ් ජනගහනයේ ධර්මදූත සේවය ඔහුගේ රදගුරු පදවියේ මූලික අරමුණ වූ අතර, ඔහු රදගුරු පදවිය පුරා සංචාරය කරමින්, මිනිසුන්ට ඔවුන්ගේ මව් භාෂාවෙන් දේශනා කළේය.

ඔහුගේ ශ්‍රමය නිසා වෙහෙසට පත් වූ එවර්මෝඩ් 1178 දී මිය ගිය අතර ඔහු විසින් ගොඩනඟන ලද ආසන දෙව්මැදුරේ ඔහුව තැන්පත් කරන ලදී. 

1728 දී XIII බෙනඩික්ට් පාප්තුමා විසින් මෙතුමාව සාන්තුවරභාවයට පත් කරන ලදී. මෙතුමා එම කලාපය ආවරණය වන ජර්මනියේ හැම්බර්ග් හි රෝමානු කතෝලික අගරදගුරු පදවියේ සහ නෝර්ටිබයානු පැවිදි නිකායේ සාන්තුවරයෙකු ලෙස ගෞරවයට පාත්‍ර වේ. මෙතුමාගේ මංගල්‍යය පෙබරවාරි 17 වන දින සමරනු ලැබේ.

Post a Comment

0 Comments