꧁☆༒☬✟✟ 2022 ජනවාරි 22 ✟✟☬༒☆꧂

 


2022 ජනවාරි 22 සෙනසුරාදා සාමාන්‍ය සමය දෙවන සතිය 

පළමු කියවීම 2 සාමුවෙල්  1:1-4, 11-12, 19, 23-27
1සාවුල්ගේ මරණයෙන් පසු දාවිත් අමලෙක්වරුන් නසා, පෙරළා අවුත් දෙදවසක් ශික්ලග්හි නැවතී සිටියේ ය. 2තුන් වන දවසේ දී මිනිසෙක් තමාගේ ඇඳුම් ඉරාගෙන, හිසේ පස් දමාගෙන සාවුල්ගේ කඳවුරෙන් නික්ම ආවේ ය. ඔහු දාවිත් ළඟට පැමිණි විට බිම වැටී වැන්දේ ය. 3“ඔබ කොතැනින් ආවෙහි දැ”යි දාවිත් ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “මම ඉශ්රායෙල් කඳවුරෙන් ගැළවී ආවෙමි”යි ඔහුට පිළිතුරු දුන්නේ ය.
4එවිට දාවිත්, “එහි සිදු වූයේ කිමෙක් දැ යි මට කියන්නැ”යි ඔහුට කීවේ ය. ඔහු පිළිතුරු දෙමින්, “සෙනඟ යුද්ධයෙන් පලා ගියහ; ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මැරී වැටුණෝ ය; සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද මැරුණෝ ය”යි කීවේ ය.
11එවිට දාවිත් ශෝකයෙන් පිරී තමාගේ වස්ත්‍ර ඇද ඉරා දැමුවේ ය. ඔහු සමඟ සිටි සියලු සෙනඟ ද එසේ කළහ. 12ඔව්හු සාවුල් ද ඔහුගේ පුත් ජොනතන් ද සමිඳාණන් වහන්සේගේ සෙනඟ ද ඉශ්රායෙල් වංශය ද යුද්ධයේ දී මැරුම් කෑ බැවින් ඔවුන් ගැන හඬා වැලපෙමින් හවස දක්වා නිරාහාර ව සිටියහ.
19“අහෝ, ඉශ්රායෙල් දේශය!
ඔබේ තේජස ගිරිකුළු මුදුනෙහි අතුරුදන් වී ඇත.
අහෝ!
බලවතුන් වැටුණු හැටි!
23සාවුල් හා ජොනතන් ජීවත් ව සිටිය දී සෙනෙහසින් හා සතුටින් බැඳී සිටියහ.
ජීවිතේ දී හෝ මරණයේ දී හෝ ඔවුහු වෙන් නො‍ වූ හ.
ඔවුහු රාජාලීන්ට වඩා වේගවත් වූ හ;
සිංහයන්ට වඩා බලවත් වූ හ.
24ඉශ්රායෙල් දූවරුනි, පියකරු රතු වස්ත්‍ර ඔබට පැළඳවූ, ඔබේ වස්ත්‍ර රන් ආභරණවලින් සැරසූ සාවුල් ගැන හඬන්න.
25අහෝ, බලවතුන් රණ බිම මැද දී වැටුණු හැටි!
අහෝ ජොනතන්!
ගිරිකුළු මුදුනෙහි ඔබ මැරුම් කෑවෙහි ය.
26මාගේ සොහොයුරු වන ජොනතන්, ඔබ ගැන මම වියෝ දුකින් පසු වෙමි.
ඔබ මට ඉතා පියකරු ව සිටියෙහි ය.
මා කෙරෙහි වූ ඔබේ ආදරය පුදුම ය;
වනිතාවකගේ ආදරයට වඩා මහත් ය.
27අහෝ, බලවතුන් වැටුණු හැටි!
යුද්ධ ආයුධත් විනාශ වුණ හැටි!
පිළිතුරු ගීය ගීතාවලිය  80:2-3, 5-7
2කෙරුබ්වරුන් මත අසුන් අරා දර්ශනය වුව මැනව.
එප්‍රායිම්, බෙන්ජමින් සහ මනස්සේ යන අයගේ පෙළපත් අබිමුව තෙදින් වැජඹෙනු මැනව.
අප මුදාගැනීමට වැඩිය මැනව.
3අහෝ දෙවිඳුනි!
අප ආපසු ගෙන ගිය මැනව.
අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.දුක් නමැති ආහාර ඔබ අපට කන්න දුන් සේක;
අපට කඳුළින් පිරුණු බඳුනක් බොන්න දුන් සේක.
6අපේ අසල්වැසියන්ගේ පරිහාසයට ඔබ අප ලක් කළ සේක.
අපේ සතුරෝ අපට උසුළු-විසුළු පෑවෝ ය.
7සව් බලැති දෙවිඳුනි, අප ආපසු ගෙන ගිය මැනව.
අප මිදෙන පිණිස ඔබේ සිරි වත සිරිය පෙන්වුව මැනව.
ආලේලූයියා ක්‍රියා 16:14B 
ඔවුන් අතර ලිදියා නම් ස්ත්‍රියක් අපට සවන් දෙමින් සිටියා ය. ඈ තියාතිරා නුවරින් පැමිණි, දම්පාට සායම් බඩු විකුණූ වෙළෙන්දියකි; දෙවියන් වහන්සේට නමස්කාර කළ ස්ත්‍රියකි. පාවුලු කී කරුණු සිතට ගන්නා ලෙස දෙවියන් වහන්සේ ඇගේ සිත පැහැදූ සේක. 
සුබාරංචිය මාක් 3:20-21
20උන් වහන්සේ ගෙදර ගිය සේක. ඔවුන්ට කෑම කන්න වත් අවකාශ නැති වන තරමට සමූහයක් යළිත් රැස් වූ හ. 21උන් වහන්සේගේ නෑදෑයෝ ඒ අසා උන් වහන්සේ අල්ලාගැනීමට ගියහ. එසේ ගියේ, “උන් වහන්සේ සිහිවිකල් වී සිටිති”යි සමහරුන් කී බැවිනි. 

Post a Comment

0 Comments