✟✯✯ ශු. කම්කරු ජුසේ මුනිතුමා ✯ ✯ ✟

  


කම්කරුවන්ගේ මුනිවරයා ලෙස ශුද්ධවු සභාව ශු.ජුසේ තුමා නම්  කර ඇත. ජේසුස් වහන්සේගේ සුරැකි පියා ලෙස ශු.ජුසේ තුමාට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්. උන්වහන්සේ ඉතා අල්පේච්ච ජීවිතයක් ගත කළ අතර ශු.ජුසේ තුමාගේ ජීවන වෘත්තිය වූයේ වඩු වැඩය. එතුමා තමාගේ කාර්යය දෙවින්දුන් අභිමතය අනුව ඉටුකල නිසා කම්කරු දිනයේ අරක්ගත් මුනිවරයා ලෙස ශු.සභාව පිළිගෙන ඇත.


උන්වහන්සේ ගැන කතා කරන විට අතී ධර්මිෂ්ට වුත් අතී කිකරු වුත් යන විශේෂණ පද දෙක උන්වහන්සේව හැදින්වීමට යොදා ගනු ලබයි. ශුද්ධ බයිබලය තුළ අතිධර්මිෂ්ට යනු තමාගේ කාර්යය විශ්වාස වන්තව දෙවිඳුන් අභිමතය අනුව ඉටු කිරිමය. ශු.ඡුසේතුමා නිහඩ චරිතයක් වුවත් ශු.මතෙව් තුමාගේ සුබාරංචිය තුළ ශු.ඡුසේතුමා ගැන ස්වල්ප වශයෙන් සඳහන් වුවත් එය කිකරුකම ධර්මිෂ්ටකම යන ප්‍රබල උතුම් ගුණාංග කැපී පෙනෙන ලෙස සඳහන් වෙයි උන්වහන්සේ දෙවියන් වහන්සේ දුන් කාර්යය තේරුම් ගෙන දේව අණට යටත්ව කටයුතු  කළේය. ශු.මතෙව් තුමාගේ සුබාරංචියට අනුව ශු.ඡුසේතුමා සත්පුරුෂයෙකු විය. (මතෙව් 1:9-21) මරියාවන් ප්‍රසිද්ධියේ නින්දාවට නොපමුණුවන අදහසින් රහසින් ඇය අත්හැර දමන්න සිතා ගන්නේ එනිසාය. පසුව දේව හඩට කන්දුන් නිසා එතුමියව සරණ පාවා ගෙන දෙවියන් වහන්සේගේ ගැලවීමේ කාර්යයට දායක වන්නේය.

ශු.ඡුසේතුමාගේ ජිවන වෘත්තිය වුයේ වඩු වැඩය. එතුමා කම්කරුවෙකු සේ වෙහෙස මහන්සිවි කටයුතු කරමින් ශු.පවුල පෝෂණය කළේය. කම්කරු දිනයේ අරක්ගත් මුනිවරයා ලෙස ශු.සභාව කැපකර තිබෙන්නේ කම්කරුවෙකු සේ දිවි ගෙවු ශු.ඡුසේතුමාටය. අද කම්කරුවා සේ එදා ශු.ජුසේතුමා ද දහදිය මහන්සියෙන් ජීවිකාව සරි කර ගත්තේය.

ජන වන්දනා වසරෙ මංගල්යයන් දෙකකට උරුමකම් කියන්නේ ශුද්ධවන්තයින් සිවිදෙනෙක් පමණි.එනමි ශු.ජුසේතුමා, ශු.පේදුරු තුමා ශු.පාවුලු තුමා සහ ස්නාවක ජුවාම් තුමාත්ය.

මැයි 01, ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් ලොව පුරා වැඩකරන ජනයාගේ දිනය ලෙස සළකයි. එමෙන්ම කතෝලික සභාව වැඩකරන ජනයාගේ, කම්කරුවන්ගේ සාන්තුවරයා හෙවත් ජුසේතුමාගේ මංගල්‍යය (St. Joseph the worker feast day) සමරනු ලබයි. මීගමුව ප්‍රදේශය අවට සා. ජෝසප් හෙවත් ජුසේ තුමා වෙනුවෙන් කැපකළ දේවස්ථාන හතරක් පමණ තිබේ. ඉන් එකක් ඇත්තේ කළුවරිප්පුව, කටානේය. තවත් පල්ලියක් පමුණුගම ප්‍රදේශයේ තිබේ. 1990 දී පමණ නිකලොස් බටේපොල පියතුමා ජා-ඇල කණුවන ඉදිකර සා.ජුසේ මුනිතුමාගේ හෙවත් සා. ජෝසප් නමින් කැපකළ දේවස්ථානයක් ද තිබේ. බටේපොල පියතුමා ලංකා කතෝලික සභාව තුළ සිටි ගෘහ නිර්මාණ ශිල්පියායැයි හැදින්වේ. විශේෂයෙන්ම පාරම්පරික, දේශීය ගෘහ නිර්මාණ ශිල්පය සහ බටහිර සම්භාව්‍ය ගෘහ නිර්මාණ ශිල්පය මුසුකරමින් නව ආරක කතෝලික ගෘහ නිර්මාණ කලාවක් හදුන්වාදීමට එතුමා කටයුතු කළේය. කෙසේවෙතත් මෙකී ශු. ජුසේ මුනිදුන්ට කැප කළ දේවස්ථාන අතරින් විශාලතම සහ පැරණිම දේවස්ථානය පිහිටා ඇත්තේ මීගමුව නගර මධ්‍යයේය. එය තිල්ලන්දූව සා. ජෝසප් දේවස්ථානය ලෙසද හැදින්වේ. මෙම දේවස්ථාන සියල්ලේම මංගල්‍යය යෙදෙන්නේ මැයි මස පළමු වෙනිදාටය. එනම් ජාත්‍යන්තර කම්කරු දිනයේ දීය. 

ලෝක කම්කරු දිනය හෙවත් ජාත්‍යන්තර කම්කරු දිනය ප්‍රථමයෙන්ම ස්ථාපිතකලේ 1904 දී. එහෙත් එහිලා පදනම්වූ සිද්ධිය ඇතිවුයේ 1886 මැයි 04 වෙනි දින ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පැය 08ක වැඩ දිනයක් ඉල්ලා සිදුකල උද්ඝෝෂණය පදනම් කරගෙනය. මෙම උද්ඝෝෂණයේදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයින් 8 දෙනකු මියගොස් 60කට අධික පිරිසක් තුවාල ලැබුහ. හේමාකට් සිද්ධිය (The Haymarket affair) ලෙස හදුන්වන මෙම සිද්ධියෙන් අනතුරුව එම උද්ඝෝෂණයෙන් මියගිය සහ තුවල ලැබුවන් වෙනුවෙන් යුක්තියද, ඔවුන්ගේ සටනවූ පැය8ක වැඩ දිනයක් පිලිබදව ඉල්ලීමද මුල්කරගනිමින් නොනවතින උද්ඝෝෂණ රැල්ලක් සහ පෙළගැස්මක්ද, ජාතික මෙන්ම ජාත්‍යන්තර සමුළු ද සංවිධානය කරන්නට විය. මෙම පෙළගැසීම්වල ප්‍රතිපලයක් ලෙස හේමාකට් සිද්ධියෙන් වසර 15කට පසුව හෝ උද්ඝෝෂණයේ යෙදුන කම්කරුවන්ගේ මරණයන් සහ පහරදීම සම්බන්දයෙන් පොලිස් නිලධාරීන් ඇතුළුව 7දෙනෙකුට මරණ දඩුවම සහ සිරදඩුවම් ලබාදීමට හැකිවිය. ඒ සියල්ලටම වඩා මිය ගිය කම්කරුවන්ගේ මුලික ඉල්ලීමවූ පැය 8ක වැඩ දිනයක් ප්‍රකාශයට පත්කළ අතර සහ ඔවුන්ගේ උද්ඝෝෂණය සිහිකරමින් 1904 දී දෙවන ජාත්‍යන්තර කම්කරු හවුලේ හයවන සමුළුවේදී ජත්‍යන්තර කම්කරු දිනය ප්‍රකාශයට පත්කරන ලදී.

ක්‍රමයෙන් මැයි 01 දින වැඩකරන ජනයාගේ දිනය ලෙස ලෝකය පුරාම විවිධ රාජ්‍යන් පිළිගත් අතර වතිකාන රාජ්‍ය ඇතුළු කතෝලික සභාව ද එය පිළිගෙන සිය වාර්ෂික දින දර්ශනයට ඇතුලත් කරගන්නා ලදී. එහෙත් එය ඔවුන්කලේ ඔවුන්ගේම ආගමික විශ්වාසය තුලම රැදෙමින් සිය ආගමික සන්දර්භය තුලම සිටිමිනි.

ඒ සදහා ඔවුන්ට හොද පසුබිමක්ද තිබුණි. ඇත්තවශයෙන්ම ලෝක කම්කරු දිනයක් ප්‍රකාශයට පත්කිරීමට සියවස් ගණනාවක් පෙර සිටීම කතෝලික සභාව වැඩකරන මිනිසුන්ගේ සාන්තුවරයාවූ ජුසේතුමා හෙවත් ශා. ජෝසප්තුමා සමරණ දිනයක් ප්‍රකාශයට පත්කර තිබුනි. එම දිනය ජුසේ නම් වැඩකරන මිනිසාගේ මංගල්‍ය දිනය හෙවත් St. Joseph the worker feast day ලෙස හැදින්විය. මෙසේ සමරු ජුසේතුමා හෙවත් ශා. ජෝසප්තුමා යනු වඩුවෙකුවූ ජේසුස් වහන්සේ හැදී වැඩුන පවුල ආරක්ෂාකර පෝෂණය කල ජේසුගේ සුරැකි  පියාය. තමා සමග විවාහවීමට පෙර ගැබ්ගත් සිය සෙනෙහෙවන්තියවූ මරියතුමියව  කිසිදු පැකලීමකින් තොරව විවාහ කරගත්තේය. ජේසුතුමාව හදාවඩා ලොකුමහත්කර තමන් කරගෙන සිටි තමන් දන්නා වඩු කර්මාන්තය පවා ඔහුට ඉගැන්වූ, දාවිත් රජ පරපුරෙන් පැවත එන තම පෙළපත්  නාමය පවා  ජේසුට  ලබාදුන්   සැබෑම වැඩකරන ජනයාගේ මිනිසෙක්විය.

මේ උතුම් මිනිසාගේ කැපවීම සිහිපත් කිරීමට කතෝලික සභාව St. Joseph The Worker දිනය හෙවත් ජුසේතුමා/ශා. ජෝසප්තුමාගේ මංගල්‍ය දිනය නම් දිනයක් වෙන්කර තිබුණි. කතෝලික සභාවේ සාන්තුවරුන්ගේ දින දර්ශනය අනුව මේ දිනය මුලින්ම යෙදි තිබුනේ මාර්තු 19වෙනිදාය. එහෙත් 12වෙනි පියුස් පාප්තුමා (Pope Pius XII) එම දිනය 1955දී වෙනස්කරන ලදී. කතෝලික සභාව ද ලෝක කම්කරු දිනය සමරණ මැයි01වෙනිදාටම මෙතෙක් සිය සභාව සැමරූ වැඩකරන ජනයාගේ සන්තුවරයාගේ දිනය හෙවත් ජුසේතුමාගේ/ජෝසප්තුමාගේ, මංගල්‍යය සැමරීමට තීරණය කලේය. දොළොස් වන පියුස් පාප්තුමා හදුන්වාදුන් මෙම පියවර දක්ෂිණාංශිකයින්ගේ මෙන්ම වාමාශිකයින්ගේද විවේචනයට ලක්විය. දක්ෂිණාංශිකයින් හැදින්වුයේ කතෝලික සභාව වාමාංශිකයන්ගේ බලපෑමට ලක්වී ඇති බවය. වාමාංශිකයින් දැක්වුයේ සභාව සිය සටන උදුරා ගැනීමට තැත්කරන බවයි. එහෙත් කතෝලික සභාව දැක්වුයේ කලින් මාර්තු19වෙනිදාටයේදී තිබුණු සා.ජුසේ නම් වැඩකරන මිනිසාගේ මංගල්‍ය දිනය (St. Joseph the worker feast day) මැයි1 වෙනිදාටගෙන ආවේ ලොව පුරාම වැඩකරණ ජනයාට හිමිවියයුතු වැදගත්කම සිය සභාසම්ප්‍රදායන් තුලද නොකඩවාම අත්කර දුන්නා සේම තව දුරටත් අත්කරදීමට බවය.

අද, මැයි01දින, ජාත්‍යන්තර කම්කරු දිනය සමරණ දිනම ලොව පුරාම කතෝලිකයින්ද වැඩ කරන ජනයාගේ සාන්තුවරයාවන ජුසේ තුමාගේ මංගල්‍යයද එකම දිනක සමරන්නේ මෙම තත්වයතුලය. එය එක් අතකින් කාලයේ ප්‍රවණතා අනුව කතෝලික සභාව වෙනස්වූ බවට උදාහරණයක් ලෙසද සැලකිය හැක.

Post a Comment

0 Comments