✟✯ කුරුසියේ ශු පාවුලු මුනිතුමා ✯ ✟

 



පාවුලෝ ෆ්‍රැන්චෙස්කෝ දානී නමින් 1694 ජනවාරි 3 වන දින, උතුරු ඉතාලියේ පියෙද්මොන්ත් පලාතේ හි ඔවාඩා නගරයේ උපත ලැබූ මෙතුමාගේ දෙමාපියන් වූයේ ලූකා සහ ආනා මරියා මස්සාරි දානී ය. ඔහුගේ පියා කුඩා වියලි ආහාර ද්‍රව්‍ය වෙළඳසැලක් පවත්වා ගෙන ගිය අතර පාවුලෝ දරුවන් දහසය දෙනාගෙන් දෙවැන්නා විය.

පාවුලෝ සිය මූලික අධ්‍යාපනය ලැබුවේ ලොම්බාර්ඩි නගරයේ ක්‍රෙමොලිනෝ හි පූජකවරයකු විසින් පිරිමි ළමයින් සඳහා පවත්වාගෙන ගිය පාසලක ය. අධ්‍යාපනය තුළ ඔහු විශාල ප්‍රගතියක් ලැබූ අතර වයස අවුරුදු පහළොවේ දී ඔහු පාසැල් අධ්‍යාපනය අවසන් කොට කස්තෙල්ලාට්සෝ හි පිහිටි සිය නිවසට පැමිණියේ ය. ඔහුගේ මුල් අවදියේදී ඔහු තම නිවස අසල දේවස්ථානවල ධර්මෝපදේශය ඉගැන්වීය.
වයස අවුරුදු 19 දී පාවුලෝ යාච්ඤා ජීවිතයට නැඹුරු වීමට පටන් ගත් අතර ඊට හේතු වූයේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් ද සේල්ස් මුනිදුන් විසින් රචිත “දෙවියන්ගේ ප්‍රේමය පිළිබඳ නිබන්ධනය” කියවීමෙන් සහ කැපුචියානු පූජකයන්ගෙන් ඔහුට ලැබුණු මඟ පෙන්වීම තුළ ය. 
1715 දී, තුර්කි ජාතිකයින්ට එරෙහි යුද්ධයකට සම්බන්ධ වීමට තම පියා සමඟ එක් වූ නමුත් සොල්දාදුවෙකුගේ ජීවිතය ඔහුගේ කැඳවීම නොවන බව වැඩි කල් නොගොස් අවබෝධ විය. ඔහු නැවත නිවස බලා යන අතරවාරයේ නවෝලෝ හි නතර වූ අතර එහි දී ඔහු 1716 අවසානය දක්වා වයස්ගත, දරුවන් නොමැති යුවළකට උදව් කළේය. ඔවුන් තම දේපල පවරා කැමති වූ නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කළේය. 


වයස අවුරුදු 26 දී, යාච්ඤා ජිවිතයේ අත්දැකීම් මාලාවක් ලැබූ ඔහු දෙවියන් වහන්සේගේ ප්‍රේමය ප්‍රවර්ධනය කරනු සදහා පැවිදි පංතියක් පිහිටුවීමට දේව අනාවරණයක් ලැබිණි. පාවුලෝ තම නිකාය වෙනුවෙන් පළමුව ලබාදුන් නම වූයේ  "ජේසුස් වහන්සේගේ ගේ දුප්පතුන්” ලෙස වූ අතර  පසුකාලීනව එය ජේසුස් වහන්සේගේ දුක් ප්‍රාප්තියේ පැවිදි පන්තිය ලෙස හඳුන්වනු ලැබුවේය. මෙම නිකායේ පිළිපැදීම් වුයේ හුදෙකලාව හා දුප්පත්කමින් ද පශ්චාත්තාපීත ජීවිතයක් ගත කිරීම සහ ජේසුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය පිළිබඳ මෙනෙහි කරන ආකාරය ජනතාවට ඉගැන්වීමයි.
ඔහු සමග පළමුවෙන් එක් වූයේ  ඔහුගේම සහෝදර ජෝන් බැප්ටිස්ට් ය. දේවධර්මය පිළිබඳව හැදෑරීමෙන් පසුව, 1727 ජුනි 07 වන දින රෝමයේ ශාන්ත පීතර බැසිලිකාහිදී, XIIIවන බෙනඩික්ට් පාප්තුමා විසින් සහෝදරයන් දෙදෙනාව පූජකවරයට පත් කරන ලදී. පැවිදි වීමෙන් පසු ඔවුහු පූජකවරුන් ප්‍රමාණවත් තරම් නොසිටි දුර බැහැර ප්‍රදේශවල දේශනවල දේශනා කිරීම සඳහා කැප වූහ. 


ඔහු විසින් ලියන ලද ලිපි දෙදහසකට වැඩි වූ අතර ඒවායින් බොහෝමයක් අධ්‍යාත්මික මඟ පෙන්වීම් සහිත ලිපි වේ. 1775 ඔක්තෝබර් 18 වන දින පාවුලෝ පියතුමන් සගලොව දිනා ගන්නා අතර ඒ වන විට එතුමන් විසින් පිහිටුවන ලද නිකායේ පැවිදි පූජකවරුන් සහ සොහොයුරන් එකසිය අසූවක් පමණ සිටි බව කියැවේ.

Post a Comment

0 Comments