✟✯ අන්තියෝකයේ ශු. ඉග්නේෂස් මුනිතුමා ✯ ✟


රෝම අධිරාජ්‍යයට අයත් සිරියාවේ අන්තියෝකයේ උපත ලැබූ ඉග්නාසියුස් උපතින්ම කිතුනුවකු නොවුනද කුඩා කලම ක්‍රිස්තියානි ආගමට හැරුණු බව කියනු ලැබේ. ඔහුගේ මුල් ජීවිත අවධිය පිළිබඳව සඳහනක් නොවුනද පසු කලෙක අන්තියෝකියේ රදගුරු ලෙස තෝරා ගත් බව සඳහන් වේ.

අන්තියෝකියේ සිට රෝමය දක්වා වූ දිගු ගමනක දී ඉග්නාසියුස් විසින් ලියන ලද ලිපි හතක් බොහෝ සෙයින් ප්‍රසිද්ධ විය. මෙයින් ලිපි පහක් දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස වන්තව ජීවත්වෙමින් ආගමික නායකයින්ට කීකරු වන ලෙස අයදිමින් සුළු ආසියාව වෙත ද, සයවන ලිපිය පසු කලෙක සිය ඇදහිල්ල වෙනුවෙන් දිවි පිදූ ස්මර්නා හී පොලිකාප් රදගුරු වෙතත් අවසාන ලිපිය ප්‍රාණ පරිත්‍යාගී ජීවිතය කරා යන ගමන නතර නොකරන ලෙස අයදිමින් රෝමයේ ජීවත් වූ කිතුනුවන් වෙතත් යවා ඇත.


ක්‍රිස්තු වර්ෂ 107 ට්‍රාජන් අධිරාජ්‍යයා කිතුනුවන් මරණයට පත් කරමින් කිතුනු ඇදහිල්ල අත්හරින ලෙස බල කරමින් නියෝග නිකුත් කරන ලදී. ඉග්නාසියුස් අධිරාජ්‍යයාගේ අණ නොපිළිගත් අතර ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ඇති ඇදහිල්ල පාවා නොදීම නිසා අධිරාජ්‍යයා විසින් ක්‍රිස්තු වර්ෂ 108 දී රෝමයේ දී ඔහුව සිංහයන් හට බිලි දෙමින් ඝාතනය කරන ලදී. 

Post a Comment

0 Comments